පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් විසිපන්දහසක් බවට පත්කිරීමේ යෝජනාවක් අයවැයට ඉදිරිපත් කර සම්මත කරදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන්යුත් පවුලක මාසික වියදම රුපියල් පනස් හතරදහස ඉක්මවා ඇතැයිද එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
මෙතරම් ආර්ථික අර්බුදයක් ඇති වී තිබියදීත් සමහර ඇඟලුම් කර්මාන්තශාලාවල අවම මූලික වැටුප රුපියල් දසදහසක් බවත්,අයවැය සහන දීමනා සමග එම මුදල රුපියල් දහතුන්දහස් පන්සියයක් බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත්,පෞද්ගලික අංශය කඩාවැටීමකට ලක්වුවහොත් එය රටේ ආර්ථිකයට ඍජුවම බලපාන බවද සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වෘත්තීය සමිති 09ක් ඒකාබද්ධ වී රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත් එම යෝජනාවේ පිටපතක් කම්කරු අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.