මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදිය නොහැකි බවත් එසේ සහන ලබාදෙන්නේ නම් එය තවදුරටත් රට අරාජික කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය. ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. දෙන්න පුළුවන් නම් ඒක තවදුරටත් රට අරාජික කරන වැඩපිළිවෙලක් තිබෙන්නේ. ඒක නිසා රටට ආපසු නැවත ආර්ථික, සමාජ,සංස්කෘතයක දර්ශනයක් අවශ්‍යයි.”