ගොකරැල්ල ඉන්ධන පිරවුම්හලක සේවය කළ කාන්තාවක් ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 900000ක මුදලක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු වූ එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.
කුරුණෑගල මහාධිකරණයේ මෙම නඩුව විභාගකර තිබේ. නඩුවේ තීන්දුව ඊයේ (09දා) ප්රකාශයට පත්කළේය.
ප්රසන්න වීරසිංහ (41), ජයතිස්ස වීරසිංහ (50) යන අයට මෙසේ මරණ දඩුවම ලබා දී තිබේ.
මෙම ඝාතනය 2005/09/19 දින සිදුකර තිබුණි.