අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය යටතේ පාලනය වන ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ්, වටවල , හැටන් යන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (14) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
අසාදිතයන් කිහිප දෙනෙකු බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව සහ පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් අතරින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු 12 දෙනා හමුවු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
අසාදිතයන් සියළුම දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.