පසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම යාත්‍රා ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200ක් පමණ ආසන්නයේ සිටින බවත් සුළි කුණාටු තත්ත්වය යහපත් වූ නිසා එම ධීවර යාතා නැවත් ලංකාව දෙට ගමන් ආරම්භ කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම යාත්‍රා හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවලින් මුහුදු ගොසා ඇති අතර එම යාත්‍රා තුළ පුද්ගලයන් 180ක් පමණ ගමන් කර තිබේ.
එම සියලු දෙනාම නිරුපද්‍රිතව නැවතත් ලංකාව බලා ගමන් කරමින් සිටින බවත් ඔවුන්ට අවශ්‍ය අමරතර ඉන්ධන රැගෙන කුඩාවැල්ල වරායේ සිට යාත්‍රා කිහිපයක් පිටත්කර ඇති බවත් ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
මේ සඳහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා විශේෂ නාවික හමුදා යාත්‍රාවක්ද හෙට දිනයේදී ගන් කිරීමට නියමිතය.
මුහුදේ තත්ත්වය යහපත් නම් මෙම ධීවර යාත්‍රා තවත් දින කිහිපයක් ඇතුළත ලංකාවට ගෙන්වා ගත හැකිබවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.