ඩුබායි රාජ්‍යයේ පැවැති සාදයකදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද (12දා) දින පෙ.ව. 8.00ට සෞදි පොලිස් විමර්ශන නිලධාරීන් හමුවීමට යොදාගත් බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා 'අද' පුවත්පතට පැවසීය.
තමන් ඒ සඳහා ඊයේ (11දා) දිනයේ උත්සාහයක් ගත්තද,ඊට අවස්ථාව නොලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.
නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා වෙනුවෙන් තමන්ට පෙනී සිටීම සඳහා ඔවුන්ගේ ඥාතීන් විසින් ඩුබායි තානාපති කාර්යාලය ද සහතික කරන ලද පෙරකලාසිය හා ඇටෝනි බලපත්‍ර ඩුබායි පොලිස් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කරන බවදප්රේමරත්න මහතා පැවසීය.
එම ලේඛන යොදා ගනිමින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් නොකර බේරාගැනීමට හෝ යම් හෙයකින් අධිකරණයට ඉදිරිපත් කළහොත් ඇප ලබාගැනීමට හෝ අධිකරණයේ දඬුවම් නොකර ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට හෝ අවශ්‍ය නීතිමය උත්සාහන් කරන බවද හෙතම ප්‍රකාශ කළේය.
ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා මේ දක්වා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්, එම විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවත් තවමත් කිසිදු අයෙක් නිදහස් කර නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.