පාර්ලිමේන්තුවේ සිටින අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ට වුවුද තමා වගා කළ ගොවිතැන් වලින් කොටසක් ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පවසයි.
හේමන්ත ජයසේකර මහතා මෙසේ පැවැසුයේ තමන් වගා කර ගත් එළවලු ඵලදාව එම ප්‍රෙද්ශයේ අහිංසක ජනතාව වෙත බෙදා දිමේ අවස්ථාවේදිය.
කෝවිඩ් වෛරසය වසංගතයක් සේ රට පුරා පැතිර යාමත් සමඟ සියලු ජෙනතාවගේ ජීවිත කිසිවිටෙකත් අපේක්ෂා නොකළ පරිදි වෙනස් වු බවත් මේ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග ඇහිරී ගොස් ඇති බවද ඔහු පැවැසීය.
ඇතිහැකි අය නැතිබැරි අයට අධාර උපකාර කළ යුතු කාලයක් දැන් එළඹ තිබෙන බවත් එසේ වුවත් බොහෝ විට ඇතිහැකි පිරිස් අසරණ වූ ජනතාව ගසා කෑම සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සහල් හා සීනි තොග වැඩි මිලට අළෙවි කිරීම සඳහා සඟවා තබාගත් ව්‍යාපාරිකයෝ ඊට උදාහරණ ජනතා දුක හැඳින තමන්ට හැකි ලෙස අන් අයට ආධාර උපකාර කරන්නට තමාට සිතුනු බව යටිනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පැවැසිය.
“මම මගේ ඉඩම් හා බදු පදනම මත ගත්තු ඉඩම් අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක බෝංචි, මෑකරල්, තක්කාලි, වට්ටක්කා අස්වැන්න ගමේ දුප්පත් අහිංසක ජනතාව අතර බෙදා දීමට කටයුතු කළා. ජාති, ආගම්, පක්ෂ බේද සියල්ල ගැන මම සැලකිල්ලක් දැක්වුයේ නෑ.
පුරන්වූ කුඹුරු අක්කර පහක භූමියක් අස්වද්දා ඉන් ලැබෙන ආදායමින් ජීවිකාව සරිකර ගන්නා ගමන් අස්වැන්න යටිනුවර පවුල් 200 ක් අතර බෙදාදුන්නේ කොවිඩ් හමුවේ අනෙකාගේ දුක හඳුනා ගත්තු නිසයි.”