ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (27දා) පැවැසීය. තානාපතිවරයා සිය ධුර කාලය නිමාකරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට නියමිතව තිබේ.
ඒ නව උසස්වීමක්ද සමගිනි. විදේශ දූත මණ්ඩල සේවාවන්හිදි තම ධුර කාලය තුළ අමතක නොවන මතක කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ඇති බව ඔහු මඳහන් කළේය.
තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදි සඳහන කළේය.
කෝව්ඩ් 19 වසංගතයේදී චීනයට දැක්වූ සහයෝගය පිළිබඳව තමන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලාංකික ජනතාව බෙහෙවින් අගය කරන බවද ඔහු පැවැසීය.
ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීනය පරිත්‍යාග කළ කලු තේ තොගය, දිවයින පුරා සිදු වූ පිරිත් ගායනා කිරීම තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.
කෝවිඩ් වසංගතය මේ වන විට වේගයෙන් පාලනය කරමින් පවතින බවත් අලුතෙන් ආසාදිනය වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවත්ව ඇති බවත් ඔහු පැවැසීය.
දක්ජනාධිපතිවරයාගේ පරීක්ෂණයට පිළිතුරු දෙමින් තානාපතිවරයා කියා සිටියේ චීනයේ දැන් තත්වය වේගයෙන් පාලනය වෙමින් පවතින බවත් දැන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉලක්කම් දෙකකට අඩු වී ඇති බවත්ය.
නිකම යන තානාපතිවරයා වෙනුවෙන් සුබ පැතුම් එක්කල ජනපතිවරයා ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ගම්මානවල ජීවන තත්ත්වය නංවාලීම යන කරුණු පිළිබඳව මෙහිදී ජනපතිවරයා විසින් තානාපතිවරයා දැනුම්වත් කළේය.
කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් ලබා දෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
තවත් වසර දෙකකින් පමණ කොළඹ වරාය නගරය තුළ උස් ගොඩනැඟිලි දැකගත හැකි බව තානාපති චෙංග් ෂියුආන් පැවැසීය.