අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ඇති අතර එම නිර්දේශයට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර මහත්මිය ස්ථිර වශයෙන් එම තනතුරට පත් කිරීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කොට ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට අනුමැතිය ලබා නොදීම හේතුවෙන් දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ඉවත් කරගැනීමට පියවර ගත් බවද ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපතවරයා විසින් නිර්දේශ කොට ව්‍යවස්ථාදායක සභාවට යවා ඇතැයිද වාර්තා වේ.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කළ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ එම ධුරයේ දිවුරුම් දෙන බවද වාර්තා වේ.