අවිස්සාවෙල්ල, මාදොල අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එකතු කළ අබලිද්‍රව්‍ය ගෑස් ලාම්පුවක් උපයෝගී කරගෙන කපමින් සිටියදී මෙම පිපිරීම සිදුව තිබේ.
සිද්ධිය සිදුවූ ස්ථානයට රජයේ රස පරීක්ෂක පැමිණ ඇති අතර අවිස්සාවෙල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.