ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින අබලන් වූ බස්රථ 400 ක් ප්‍රතිසංස්කරණය කොට ලබන ජනවාරි පළමුවැනි දින ධාවන බල ඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි විසින් කරන ලද දේශීය ඉංජිනේරුවන් විසින්, දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන රට තුළ සියල්ල කර ගැනීමට අවශ්‍ය ලෙස අමාත්‍යංශ වෙන් කර තිබුණ ද, මෙරට තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවත් පවසමින් ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගෙන ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ දී පිළිතුරු වශයෙන් ලබා දෙමිනි.