නව කොරෝනා වෛරසය ආසාදිතයන් මේ වනවිටත් වාර්තාගත මට්ටමක පවතින බැවින්, නත්තලට පෙර එක්සත් ජනපදයට අමතර ආසාදන වැඩිවීමක් අත්විඳීමට සිදුවන බව වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සමග අදහස් දක්වමින්, එක්සත් ජනපද අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ෆවුසි පැවසුවේ, "සියල්ල සලකා බැලූවත් අපි හොඳ තැනක නෑ." යනුවෙනි.
ස්තුති පුද කිරීමේ දිනය සඳහා වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතකා විශාල පිරිසක් සංචාරය කර එක්රැස් වී ඇති බව වෛද්‍ය ෆවුසි පැවසීය.
"සංචාරය සහ මිනිසුන් ආහාරපාන ගනිමින් සතුටුවීමට රැස්ව සිටින නිසාත්, දිනක්, දෙකක්, තුනක්, දින පහක්වත් ඔබට වෙනසක් (ආසාදන අඩුවීමක්) දකින්න ලැබුණේ නැහැ" ඔහු පැවසීය. "මෙතැන් සිට සති දෙක තුනක වෙනස ඔබට පෙනේවී. නමුත් මිනිසුන් නත්තල් උදාවට යන කාලය වනවිට එය නිවැරදි වනු ඇතැයි සිතන්නට බෑ."
නව කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් ක්ෂිතිජයේ පැවතුණත්, වෛද්‍ය ෆවුසි ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම සෞඛ්යාරක්ෂක පියවර අඩු නොකරන ලෙසය.
"අවසානයේදී අපට එන්නතක් ලබා ගන්නා තෙක් මේ සඳහා (වෛරසයෙන් ආරක්ෂාවීම) අපව යොමුකර ගැනීමට ශක්තියක් අපට තිබිය යුතුයි." යැයි ෆවුසි පැවසීය.
මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පහකට අනුගත වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය, ඒ මුඛ ආවරණයක් පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, සමූහයා මග හැරීම, ගෘහස්ථව වෙනුවට එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම සහ නිතර දෑත් සේදීම යි.
හැමෝම මුඛ ආවරණයක් පැලඳ සිටීම විශේෂයෙන් වැදගත් බව ෆවුසි සඳහන් කළේ, වෛරසය වැඩි වශයෙන් පතුරුවන්නේ අසනීප නොවන (රෝග ලක්ෂණ නොපෙන්වන) අය විසින් බව අවධාරණය කරමිනි.
"දැන් ප්‍රජා මට්ටමින් වෛරසය සම්ප්‍රේෂණය සිදුකරන්නේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් විසිනුයි. මක්නිසාද යත් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%ත් 45% ත් අතර සංඛ්‍යාවකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නිසයි. ආසාදනය වූවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආසාදනය වී ඇති බව නොදන්නා කෙනෙකුගෙන් ආසාදනය වන බව මේ වනවිට අප තහවුරු කරගෙන තිබෙනවා" නිතර සියලු දෙනා මුඛ ආවරණයක් පැලඳ සිටීමේ වැදගත්කම වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් අවධාරණය කළේ මෙම අවදානම ගැන සියලු දෙනා දැනුවත් කරමිනි.