අද මේ රටේ රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සුරක්ෂා රක්ෂණාවරණය රජය විසින් නොමිලේ ලබා දෙන බවත්, ඒ යටතේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් තුන්දහසක් ඇතුලුව ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එතුමන් මෙම අදහස් පවසා සිටියේ පසුගියදා “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ පොතුහැර දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රජය දරන මුදලින් 75% ක් සිසුන්ට ගෙවා නොමැති නම්, ඒ දක්වා මුදල නැවත රජයට ලබා දිය යුතු බවට විශේෂ කොන්දේසියක් රක්ෂණ සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට ඇතුළත් කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
වත්මන් රජය බලයට පැමිණීමට පෙර පහළ මට්ටමක තිබුණ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප ඉහළ දැමූ බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම විදුහල්පති දීමනාව ද ඉහළ නැංවීමට හැකි වූ බව කියා සිටි අමාත්‍යවරයා පෙර කාලසීමාවට සාපේක්ෂව මේ රටේ මෙවන් සාධනීය වර්ධනයක් ඉතිහාසයේ සිදු නොවූ බවද පවසා සිටියේය.
සංවර්ධනය පමණක් සිදු කරන අතර සංදර්ශන නොකරන බව කියා සිටි අමාත්‍යතුමා මාධ්‍ය මර්දනය, ජනතා මර්දනය සිදු නොකරන බවත්, ඉදිරි මැතිවරණයේ දී පොදු ලකුණකින් ජයග්‍රහණය සඳහා පක්ෂය මෙහෙයවන බවද වැඩිදුරටත් පැවසීය.