විවිධ බාධා තිබුණත් ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට සාර්ථක ගමනක් යමින් තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය අද (18දා) නිකුත් කිරීමට නියමිත බවත් එහිදී 2019 වසරේ ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක බවත් ඔහු ප්‍රකාශ කළේය.
නියඟය, ගංවතුර, දින 52 ආණ්ඩු පෙරළිය හා පාස්කු ඉරිදා යන අභියෝගවලට මුදල් ඇමති ලෙස තමන්ට මුහුණදීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.