Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
අපි අවුරුදු හතරක කාලයක් තුළ මේ රටේ තිබුණ ණයබර ගෙවා දමමින්, නිරෝගී ජාතියක් සහ දැනුමැති උගත් පරපුරක් බිහි කිරිමට සෞඛ්‍ය සහ අධ්‍යාපන කෙෂ්ත්‍රයක් ඇතුළු හැම කෙෂ්ත්රයකම මුදල් වැයකරමින් වැඩකලා මිස බෙර ගැසුවේවත්, කෑගැහුවේවත් නැති බවත් ඉවසීමෙන් යුතුව ඒ සියල්ල කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම වෛද්‍ය පීඨය පිහිටුවීමට සමගාමීව රත්නපුර මහ රෝහල ශීක්ෂණ රෝහලක් බවට උසස් කිරීමද මෙදින අගමැතිවරයා අතින් සිදුවිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිතුමා:
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමා යටතේ මේ රටේ සෞඛ්‍ය සේවයට විශාල පෙරළියක් ඇති වෙලා තියනවා. යම් සැලැස්මක් ඇතිවයි දැන් සෞඛ්‍ය කෙෂ්ත්රය දියුණු වෙන්නේ.
පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබුණා මේ අධ්‍යාපන පහසුකම් නගරයට නොගෙන තියන ස්ථානවල ස්ථාපිත කරන්න.
නමුත් පසුගිය කාලේ අපි අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වියදම් කර තිබුණා. මත්තල ක්‍රිකට් පිටියක් හැදුවා. ශ්‍රී ලන්කන් එකට අනවශ්‍ය ගුවන් යානා ගත්තා. ඇමරිකාවට යන්න පුළුවන් ගුවන් යානා අරගෙන ලන්ඩන් දක්වා යනවා. ඒ මුදල් සෞඛ්‍යයට දැම්මනම් නිරෝගි ජනතාවක් හදන්න තිබුණා. ඒ මුදල් අධ්‍යාපනයට දැම්මා නම් විශාල වෙනසක් තියනවා. ඒත් ඒක සිදුකළේ නෑ යනුවෙන් ඔහු පැවසිය.
popular news
Mr. Clean Thursday, 17 January 2019 04:04 PM
මහා බැංකුව සිද්ද කලා... මම... මිස්ට කිලීන්... ලොකේ හොදම මුදල් ඇමති... හොරකම් කරලා මාට්ටු... සුව ඇමති...හොරකම් කරලා මාට්ටු...
Reply : 1 37
Deepal Nirosh Thursday, 17 January 2019 04:28 PM
බෙර ගහන්නවත් කස ගහන්නවත් අවශ්‍ය නැහැ, අනුර ප්රමුඛ කසකාරයො ටික ඉදිරියෙන් ඉන්නවා, සුමති ප්රමුඛ බෙර කාරයො ටික පස්සෙන් ඉන්නවා.
Reply : 1 6
Champa Thursday, 17 January 2019 05:26 PM
නය ගෙව්වේ රජයේ ආදායමෙන් නම් ඔන්න බෙර ගහල කෑ ගහල කියන්න ඕනේ වැඩක්. හැබැයි නය ගෙව්වේ රටේ සම්පත් ටිකයි ඉඩම් ටිකයි විදේශිකයන්ට විකුණලා නම්, නිදහස ලබපු දවසේ ඉඳන් ගත්ත නය, මීට අවුරුදු 40 කට විතර කලින් ඒ දවස්වල තිබ්බ ආණ්ඩු වලටත් ගෙවල ඉවර කරන්න තිබ්බ. මීට කලින් තිබ්බ ආණ්ඩුත් නය ගෙව්වා හැබැයි රටේ සම්පත් විකුණුවේ නැහැ. නය ගැන කතා කරපු මිනිස්සු ඊට වඩා නය අරන් තියෙනව. රට විකුණලා තියෙනව. රටේ සම්පත් අහිමි කරලා තියෙනව. හරි නම් මළබෙර වයන්න ඕනේ වැඩක් කරලා තියෙන්නේ.
Reply : 1 51
Kolitha Thursday, 17 January 2019 06:17 PM
බෙරිහන්දීල ඇඩුවෙ මහ බැංකුවනෙ....නැත්නම් කරපුව කවුරුවත් දන්නෙ නහැ .
Reply : 0 63
Sunil Friday, 18 January 2019 07:56 AM
නැහැ ඔබ කලේ වැඩ නොකර බෙර ගහන එකය් කෑගහන එකය් යටි මඩි ගහන එකය්.
Reply : 0 5
vitarakkage parcy Friday, 18 January 2019 10:47 AM
රනිල් වැඩකරන කෙනෙක් . රට දියුණු වෙනකොට මහින්දයට කඩේ යන උන්දලාට ඉවසන්න බෑ. මහබැංකුවේ අලාභය ගන්න නඩු දාල තියෙන්නේ . ඒක ගත්තට පස්සේ බය්යන්ට රෙදෙ බඩ යයි කියන්න දෙයක් නැතිව . මීට නාචිට විටරක්කා
Reply : 65 1
Bandula. Friday, 18 January 2019 11:54 AM
අනේද කියන්නේ! දැනට ගහල තියන බදු ටික දැක්කම අලුතින් කාබන් බද්ද දැක්කම බෙර නොවේ තොවිලයක් නටන්න තියෙන්නේ මුළු රටේම ජනතාව එකතුවෙලා බන්ගවෙලා යන්න කියල.
Reply : 0 6
Lal Friday, 18 January 2019 12:52 PM
බෙර ගැසුවේවත්,කෑගැහුවේවත් නැතිව තමයි මහාබැංකුව සුද්ධකලේ.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd