ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු පසු රණවිරුවන්ට සාධරණය ඉෂ්ඨ කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබෙිවර්ධන මහතා පැවසිය.
මාතර, වැලිගම නගරයේ අද (17) පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පලකල මන්ති‍්‍රවරයා මෙසේද පැවසිය.
‘‘ අබාධිත රණවිරුවන් අද වෙනකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවෙලා ඉන්නවා මෙි විරුවන්ගේ ඉල්ලිම සාධාරණයි. මෙි රජය ඒවට ඇහුන්කන් දෙන්නෙ නැහැ. සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂකතුමා කියනවා රණවිරුවන්ගේ දෙපතුල ගාවය යනවලූ, ඉතින් මහත්තයෝ යන්නකෝ අර කොටුවෙි ඉන්නේ ඒඅය නවාතැන් අරගෙන, එතුමා තවමත් ඒ පැත්තවත් බැලූවා කියලා අපට ආරංචියක් නැහැ. මේ වගේ බොරු පොරොන්දුදිලා ජනතාව රවටන යුගය අවසානයි. අපේ රජයක් යටතේ රණවිරුවන්ගේ ප්රශ්නය අංක එකට විසදලා ඉවර කරනවා .
ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විදියට අපට කොයි අපේක්ෂකයා ආවත් කිසි ගැටලූවක් නැහැ. අපට ඉන්නේ කොන්ද පන තියෙන නායකයෙක්, එජාපය වසර හතරහාමාරක් තුල කරපු දේශද්‍රෝහි වැඩ, ජනතා විරෝධි වැඩ වලට පිළිතුරු දෙන්න ජනතාව බලන් ඉන්නවා ජන්දය තියනකල්, අපි බලයට ආපුවාම රණවිරුන්ගේ ප්රශ්නය විසදනවා වගේම වංචා දුෂණ වලට සම්බන්ධ සියලූ දෙනා නිතිය රැහැනට හසුකර ගන්නවා වගේම නිසි දඩුවම් ලබාදෙනවා ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි