පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයට අහිමි වන්නේ නම් අයින් වීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
'මේ කළේ පිටිපස්සේ සිට පිහියෙන් ඇනීමක්. ගිය අය ආපහු එනවා. සමහරු ගියේ සුබ පතන්න. බලන්න පාර්ලිමේන්තුව කැදෙව්වාම'