ජර්මනිය තවමත් කොවිඩ්-19 වසංගතයේ ආරම්භක අවධියේ සිටින බවත්, යම් කාලයකට තත්ත්වය ඉතා අසීරු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනතුරු අඟවයි.
ජර්මානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව අමතමින් මර්කෙල් කියා සිටියේ, ඔවුන් මේ වෛරසය සමග ඉදිරි කාලයද ගත කිරීමට සිදුවනු ඇති බවයි.
"පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම මේ සඳහා ඉදිරි මාවතයි" යනුවෙන් පැවසූ මර්කෙල්, කොවිඩ්-19 පරීක්ෂාව තවදුරත් ඉහළ නැංවීමටද පොරොන්දු විය.
ඇතැම් ජර්මානු ප්‍රාන්ත ඉක්මනින්ම සමාජ දුරස්ථකරන පියවර ලිහිල් කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කරමින් ඇයි කියා සිටියේ, "අතීතයේ මෙන් අපට දෛනික ජීවිතයට යන්න අවස්ථාවක් නෑ. මේ වසංගතය අතරතුර අප ඉතාම දක්ෂව හා පරිස්සම්සහගතව කටයුතු කළ යුතුයි" යනුවෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ජර්මනියේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 153,000 ඉක්මවා ඇති අතර, මරණ 5,575ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 103,300 ඉක්මවා ඇත.
"අප දැනට ලබා තිබෙන ප්‍රතිඵලය ලෙහෙසියෙන් බිඳෙන සුළුයි. අපි ඉන්නේ සිහින් අයිස් තට්ටුවක් මත. යමෙකුට මෙය ඉතා සිහින් අයිස් තට්ටුවක් මත යැයි කිව හැකියි" යනුවෙන් වසංගතයේ භයානක බව පැහැදිලි කිරීමට ඇය වැඩිදුරටත් උත්සාහ කළාය.