කෝවිඩ් වසංගත තත්ත්වය අවධානම පැවතියහොත් සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පිරිස් පවසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (28) පාර්ලිමේන්තුවේ යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දැනට තීරණය කර ඇති පරිදි ජනවාරි 18 සිට ජනවාරි 27 දක්වා කාලය තුලදී විභාගය පවත්වනවාද නැද්ද යන්න අවසන් තීරණය සතියක් ඇතුලත ගැනීමට නියමිත බවයි.