පක්ෂයක් පිහිටෙව්වොත් මහ පාරේ ඇවිද්දවන බවට සඳහන් කළ අයත් මේ වන විට පොහොට්ටු සළකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ගාල්ලේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසර දෙකකට පමණ පෙර සඳහන් කළේ නව පක්ෂයක් ආරම්භ කරන අය පාරේ ඇවිද්දවීමට තමන් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් අද වන විට හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ එහි සභාපති වශයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මැතිවරණයට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටියි.
"අපි ජනාධිපතිවරණයට එනකොට බොහෝම අමාරුවෙන් අපි ජයගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙනවා. අපි පක්ෂයක් පිහිටුව්වොත් අපිව මහ පාරේ ඇවිද්දනවා කියලා කිව්ව කෙනාත් අපේ පොහොට්ටුවෙන් ඉල්ලනවා. නමුත් අපි ඉතාම ආදරයෙන් පිළිගත්තා."