අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.
බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම සිරකරුවන් වෙත තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි.
එම දැනුම් දිම අනුව නාමල් රාජපක්ෂ මහතා මෙසේ එම සිරකරුවන් හමුවීම වෙනුවෙන් අනුරාධපුර බන්ධනාගාරය වෙත යෑමට නියමිතය. ලොහාන් රත්වත්තේ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පෙරාතුව මෙම හමුව සංවිධානය කර තිබූ බවද වාර්තාවෙයි.