අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්, අද (12 දා) එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කාන්තාව ඇලයාපත්තුව රෝහලට ගිය අවස්ථාවේදී, සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරයා ආරක්ෂා සහිතව ගිලන් රථයක් මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමුකර තිබේ. එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් පසුව, හැත්තෑ හැවරදි මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදන වී ඇති බව තහවුරු කර ගෙන තිබේ.
එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන් සමග සබඳතා පැවැත්වූ නිවාස හතක පිරිස් හඳුනා ගෙන නිරෝධායන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ පවසයි.
මෙම කාන්තාවගේ දියණිය මිනුවන්ගො බැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටියදී, මීට සති එකහමාරකට පමණ පෙර විහාර පාළුගම ප්‍රදේශයට පැමිණ නැවත සේවා ස්ථානයට ගොස් තිබේ.
මෙම රෝගී කාන්තාවගේ පුත්‍රයාද, පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවත් එම පුද්ගලයා පෙරේදා (10 දා) අනුරාධපුර නිරාවිය සහ මහ බුලංකුලම ප්‍රදේශවල පැවැති වොලි බෝල් තරගාවලියකටද සහභාගි වී ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.