අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ සේවයේ නියුතු රියදුරු මහතෙකුට කොවිඩ්-19 වෛරසය වැළදි ඇති බවට එහි පාලනාධිකාරියට ඇතිවූ සැකය දුරුකර ධාවන කටයුතු නවතා දමා වසා දැමීමට තීරණය කළ ඩිපෝව විෂබීජහරණයට ලක්කර නැවත එහි කටයුතු යථාතත්වයට පත්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ ඊයේ (23දා) උදෑසන කටයුතු කළහ.
කොවිඩ් 19 වෛරසය වැලදුණු නාවික හමුදා සෙබළෙකු පොළොන්නරුවෙන් හමුවීමත් සමග පුලස්තිගම පදිංචි නාවික සෙබළා සමග කිට්ටු සබධතාවක් පවත්වා ඇති පුද්ගලයෙකු සමග බස්රථ රියදුරා සම්බන්ධතාවක් පවත්වා තිබෙන බවට අනුරාධපුර ඩිපෝවේ නිලධාරින්ට සැක මතුවීම නිසා ඩිපෝවේ සෙසු සේවකයන්ට රෝගය වැළදිමේ අවධානමක් ඇතිවිමට ඉඩ ඇති හෙයින් වහාම ඩිපෝව වසා දැමීමට තීරණය කර ඩිපෝ අධිකාරිවරයා ඒ බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට දැනුම් දි තිබේ.
වහාම ක්‍රියාත්මකවු අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමක් එහි ගොස් පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින බස් රථ රියදුරාගෙන් ප්‍රශ්න කිරිමක් සිදුකර තිබේ.
එහිදි ඔහු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කණ්ඩායමට කියා තිබුණේ තමන් නාවික හමුදා සෙබලා ඝෘජුව ආශ්‍රය නොකළ බවත් නාවික සෙබළාගේ මිතුරෙකු වන ත්‍රීරෝද රථ රියදුරෙකුගේ මිතුරෙකු සමග ආශ්‍රය කල බවත්ය.