කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චිනයේ, හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය අප්‍රේල් 03දාට පසුව, කොවිඩ්-19 ආසාදිතයෙකු හමුවූ බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
චීනයේ වෛද්‍ය විශේෂඥයන්ට අනුව මෙය අතීත ප්‍රජා ආසාදනයක් ලෙස සැලකෙන අතර, ඔහු ජීවත් වන ප්‍රදේශයේ වාර්තා වන මෙම පුද්ගලයාගේ බිරිඳ ඇතුළු තවත් පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් නිරීක්ෂණය සඳහා රෝහල්ගත කර ඇත.
අගුලු දමා තිබූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය පසුගිය අප්‍රේල් 8දා යළි විවෘත කළ අතර, මේ වනවිට එම නගරයෙන් වාර්තා වී තිබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,334කි.
චීන සෞඛ්‍ය කොමිසමට අනුව එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 14 දෙනෙකු සෙනසුරාදා වාර්තා වී ඇති අතර, ඉන්දෙදෙනෙකු විදේශන්හි සිට ආසාදිතව පැමිණි අයයි.
රට තුළ සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් 11 දෙනෙකු ජීලින් පළාතෙන්ද, අනෙක් තැනැත්තා හුබෙයි පළාතෙන්ද වාර්තා වූ අතර, විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන් මොංගෝලියාවෙන් පැමිණි අයයි.
කෙසේ වෙතත් චීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා ප්‍රධාන භූමියේ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.