කෝවිඩි-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රීලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමටනම් අප්‍රේල් මස 07 දා පසුවන තුරැ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයට දැනුම්දුන් බව සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
රෝගය පාලනය කිරීම සඳහා ජනතාව තවදුරටත් නිවෙස්වල රුදී සිටිය යුතු බවත් ජනතාව අතර දුරස්ථකරනය ඇතිකිරීම සඳහා තවදුරටත් ඇදිරිනීතිය ක්‍රියාත්මත කිරීම සිදුසු බවද හෙතෙම සඳහන් කළේය.
කෝවිඩි-19 රෝගය වැළදුනු බවට හදුනාගත් රෝගීන්ට වඩා අටගුණයක රෝගීන් සමාජයේ ඇති බවට විශ්වාස කරන බවත් මෙම සති දෙකක කාලය නිසි පරිදි කළමණකරනය නොකළහොත් රෝගය පැතිරීම සීග්‍රෙයන් සිදුවන බවද සමන්ත ආනන්ද මහතා කීවේය.
එමෙන්ම අප්‍රේල් 07 දා දක්වා සති දෙකක කාලය තුළ දැඩි ක්‍රියාමාර්ග ගනිමින් මෙම රෝගය පාලනය කිරීම සඳහා කටයුතු කළහොත් කෝවිඩි -19 රෝගය පැතිරීම 70% කින් පාලනය කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.