මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය තබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී නැමැත්තා අපරධායක් කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් වූ වාහන දෙකක් පොලිස් භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ වන විට බන්ධනාගාර ගතව සිටින ප්‍රතිවාදි කල්ලියක සාමාජිකයෙක් අධිකරණයට ඉදිරිත් කිරීමට රැගෙන යන අවස්ථාවේදි අපරාධයක් කිරීම වෙනුවෙන් යොදා ගැනීමට සූදානම් වූ මෝටර් රථයක් හා ලොරි රථයක් පොලිස් අත්අංඩංගුවට ගෙන තිබේ.
මේ අනුව එම අපරාධය වැළැක්වීමට පොලීසිය සමත් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය
මීට අමතරව ඔහුට අයත් බව කියන පිස්තෝලයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.