ජනමාධ්‍ය මගින් ප්රවෘත්ති වාර්තා කිරීමේදි මහජනතාව තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇති නොවන ලෙස හා ප්‍රවෘත්තියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ගෞරවයට හානි නොවන ලෙස සිදුකළ යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය දිනවල වාර්තා වූ අපරාධ ඇතුළු විවිධ සිදුවීම් ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කිරීමේදී උද්වේගකර ලෙස හා මහජනතාව තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇතිකරන අන්දමින් වාර්තා කිරීම් සිදුවූ බව නිරීක්ෂණය වූ බවත් ඒ පිළිබඳව පුවත්පත් මණ්ඩලයේ දැඩි අවධානය යොමුව ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
මේ පිළිබඳව විශේෂ අවධානයක් දැක්වීම යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් හා භාවිතයක් පවත්වාගෙන යාමට හේතුවන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විශ්වාසය බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.