අප්‍රිකානු කලාපයේ පසුගිය සඳුදා දිනය වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,350,512ක් දක්වා ඉහළ ගොස් ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
අප්‍රිකානු සංගමයේ විශේෂිත සෞඛ්‍ය සේවා ඒජන්සිය වන අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 115,765ක් වන අතර මහාද්වීපය පුරා රෝගීන් 3,906,408 ක් සුවය ලබා ඇති බවයි.
අප්‍රිකානු මහාද්වීපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින අප්‍රිකානු රටවල් අතර දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඉතියෝපියාව සහ ඊජිප්තුව අයත් වේ.
දකුණු අප්‍රිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් 1,558,458ක් වාර්තා වී ඇති අතර, මොරොක්කෝවෙන් 502,102ක්ද ටියුනීසියාවෙන් 271,861ක්ද වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට අප්‍රිකානු රටවලට විවිධ ප්‍රභවයන්ගෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 33.8කට වඩා ලැබී ඇත.