අප්‍රිකාවේ තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
අප්‍රිකානු සංගමයේ විශේෂිත සෞඛ්‍ය සේවා ඒජන්සිය වන අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ වසංගතයට සම්බන්ධ මරණ සංඛ්‍යාව 107,523ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මහාද්වීපය පුරා රෝගීන් 3,610,997ක් සුවය ලබා ඇති බවත්ය.
තහවුරු කරන ලද ධනාත්මක ආසාදිතයන් සංඛ්‍යාව අනුව කලාපයේ වඩාත්ම බලපෑමට ලක්වූ රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තුව සහ ඉතියෝපියාවයි.
අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව දකුණු අප්‍රිකාවට මෙම රෝගයෙන් ජීවිත 51,261ක් අහිමි වී ඇති අතර, අප්‍රිකානු රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන සෙසු රටවල් වන්නේ ඊජිප්තුව සහ මොරොක්කෝවයි.