හාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ දින 14 කට රිමාන්ඩ් ගතකල එම පාසැලේම ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.
වියලුව අධ්‍යාපන කලාපයට අයත් ගලඋඩ අල් නුරානියා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන මෙම (44) හැවිරැදි විවාහකයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ උපදෙස් මත අමාත්‍යාංශයේ විමර්ශන නීලධාරී ඩබ්ලිව්.එම් සිරිනන්දන මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම සිදුකළ මුලික පරීක්ෂණයේදී ළමා අපචාරයක් සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වියලුව කලාප අධ්‍යාපන අධ්‍යෂක වරයාගේ නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම් විසින් ගුරුවරයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.
අපයෝජනයට ලක්වූ මෙම සිසුන් වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවලට අයත් වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනය ලක් කලැයි මුලදි පැමිණිලි ලැබී තිබූ අතර (28) දින වන විට එම පැමිණිලි සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය .
අපයෝජනයට ලක්වු සිසුවිය ඇතුලු සිසුවන් 12දෙනෙකු බදුල්ල මහ රෝහලට පරීක්ෂණ කටයුතු සදහා අතුලත් කර තිබෙන බව පොලීසිය කියයි.
(44 ) හැවිරිදි සැකකරු පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා ගුරුවරයා සැප්තැම්බර් 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරයි.