මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.
වැඩිදුරටත් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය ,
"මාතලේ දිස්ත්‍රික්කයේ කොහෙ උනත් තරග කරන්න මම බය නැහැ. හැබැයි සමගි ජනබලවේගය මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව කණ්ඩායම එකතු වෙලා හැදුව ඒත් ලෝකෙම කාන්තාවන් ගැන කතා කරන මාර්තු මාසෙම පුරුෂාධිප්රත්යයට යටත් කරගෙන තමයි මේ ලැයිස්තු හැදුවේ . කාන්තාවන් මාතලෙන් පාර්ලිමේන්තු නොයවන්න ඇතැම් අය ලොකු උත්සාහයක නිරත වෙනවා .
ඇයි එහෙම වෙන්න හේතුව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලයේ බෙදාදෙන සිමෙන්තිවලට ගෙවල් වලට අපි රුපියල් 500 ගානෙ එකතු කරපු නැති නිසා කියලයි හිතන්නේ.
අපි ඡන්ද වලට බය නැහැ හැබැයි ඡන්ද වලට බය අය තමයි කාන්තාවන් ඉදිරිපත් වෙනවා නම් ජාතික ලැයිස්තුවෙන් එන්න තරම් බය වෙලා තියෙන්නේ අපි මාතලේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වැඩකරලා තියෙනවා පාර්ලිමේන්තුවේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙනවා දැන් ඒවා මිනිස්සු දන්නවා කවුද පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කතා කළේ කියලා තියෙන්නේ කියලා .
ඒක බලන්න පුළුවන් අන්තර්ජාලයට ගිහාම පාර්ලිමේන්තුවේ න්‍යාය කතා පුස්තක පරිශීලනය කරලා බලන්න කියලා අපි මාතලේ දිස්ත්‍රික් ජනතාවට කියනවා එහෙම නැති වුණොත් ඒ කතා පුස්තක ගෙනල්ලා බෙදලා දෙන්න හරි මම සූදානම්. දඹුල්ලෙන්, ලග්ගලින් ,රත්තොටින් , මාතලේ ආසන යන ආසන හතරෙම මගේ සැමියා සංජීව කවිරත්න මහත්තයා මිනිස්සු හම්බ කළා . ඒ වගේම මම ඇසුරු කරා මිනිස්සු හැම තැනම අපිට ඉන්නවා ඒ නිසා දිරි මැතිවරණයට කොහෙද තරඟ කලත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි බොහෝදුරට තව දින කිහිපයකින් ලොකු තීන්දුවකට තීරණයකට යන්න වෙනවා යැයි රෝහිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.