ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙස දැනුම් දී නැතැයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම බොරැල්ලේ පැවැති අවස්ථාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී ඔහු සඳහන් කළේ සෑම අමතිධුරයක්ම හොඳ ඇමතිධුර බවයි. එසේම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවෙනවානම් එය ජනපතිවරයාගෙන් ඇසිය යුතු බවත් ඔහු පැවැසීය.