මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීමට එම රෝහල සැලසුම් කර තිබේ.
මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් සිදු කර ඇත.
දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මහරගම අපේක්ෂා රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරිම පිළිබදව සාකච්ඡාවක්ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
රෝහලේ දැනට කාමර 02 ක ඇටමිදුලු බද්ධයට නියමිත රෝගීන් නතර කර ඇති අතර එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
ඉල්ලා සිටියහ. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ අතර, තවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කරන ලදි.
දායක ඇටමිදුලු බද්ධ කිරීම 2019 වසරේ දීම ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටියි.