අනවසර ගිනිඅවි රජයට භාර දීම සඳහා රජය විසින් සහන කාලයක් ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 05 දා සිට 12 දක්වා මෙසේ අනවසර ගිනි අවි රජයට භාරදීමට අවස්ථාව තිබේ.
දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා අනවසර ගිනි අවි තර්ජනයක් බැවිනි බලපත්ර නොමැතිව භාවිත කරන ගිනි අවි හෝ සන්තකයේ තබාගෙන ඇති ගිනි අවි මෙසේ රජයට භාරදීමට අවස්ථාව තිබේ.
සහන කාලය තුළ ප්රාදේශීය පොලිස් ස්ථාන වෙත එම ගිනි අවි සන්තකයේ දරන්නන් විසින් භාරදිය යුතුව තිබේ.