අනවසර කංසා වටලා පොලීසිය විසින් අත්පත් කරගන්නා කංසා, කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
ආයුර්වේද හා රස ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා හා අබිං හිඟවීමේ ගැටලුවට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙළ යෝජනා කරන බව අමාත්‍යවරයා පැවසුවේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඊයේ (13දා) පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක්වෙමිනි.
ආයුර්වේද ක්ෂේත්රය සඳහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා, අබිං හිඟවීම ගැටලුවක් බව ආයුර්වේද වෛද්‍යවරුන් මින් පෙරද සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබූ අතර, එහෙයින් අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කරගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.