මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා මේ බව සඳහන් කරයි.
කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මතු වු අවදානම් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
කෙසේවෙතත් ආයතන පරිශ්රය තුළ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමට යුහුසුළුව ක්රියාකරමින් සිටින බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දක්වා ඇත