අනුරාධපුර ප්රදේශයේ ගබඩාවක සගවා තිබූ වී කිලෝග්රෑම් ලක්ෂ දෙකහමාරක් පාරිභෝගික අධිකාරිය සොයා ගත්තා.
අනුරාධපුර, පරසන්ගස්වැව, පණ්ඩුකාභය පුර ප්රදේශයේ පිහිටි රජයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සගවා තිබියදීයි මෙම වී තොගය සොයා ගත්තේ.
අනුරාධපුර දිස්ත්රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකළා. ඔවුන් සිය භාරයට ගත් මෙම වී තොග ලොරි රථ මගින් ප්රවාහනය කර වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත භාරදීමට කටයුතු කළා.
නාඩු, සම්බා සහ කීරි සම්බා ඇතුළු වී වර්ග කීපයක් ඒ අතර වනවා. රජයේ ලියාපදිංචි නොවූ වී මෝල්වල සහ ගබඩාවල සගවා තිබෙන වී තොග අත්අඩංගුවට ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්රික්කයේ ද මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කෙරෙමින් පවතිනවා.