අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් බවට මාධ්‍ය පළකළ වාර්තාව සත්‍යයෙන් තොර බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවූ අතර පසුව විමර්ශනයක් පවත්වන ලෙස ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවකට උපදෙස් ලබා දුන්නේය.
එම විමර්ශනයේ දී තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව අදාළ වාර්තාව පළකර ඇති බවට හෙළිවී ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
නිවැරදි තොරතුරු රහිතව එම පුවත වාර්තා වීම හේතුවෙන් රට තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කනගාටුව පළ කරන බවද ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
.