අන්තවාදි මතදරන සහරා හෂිම්ගේ නායකත්වයෙන් යුතු තවුහීද් ජමාන් ත්‍රස්තකල්ලිය දිවයිනේ ස්ථාන අටක සිදුකරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් සමඟ අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුල අද (01දා) අළුයම වනතුරු සිදුකල එකාබද්ධ මෙහෙයුම් වලදී සැකපිට තවුහීද් ජමාන් සංවිධානයේ නායක සහරා හෂිම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉංජිනේරුවරයෙකු බංගලාදේශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් අනූ දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් අන්තවාදී බෝම්බ සිද්ධීන්ට ආධාර අනුබල දුන් බවට සැකකරන කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාරගත කර හා අධිකරණ නියෝග මත රදවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව අනාවරණය විය.
අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරන මහතාගේ උපදෙස්මත අනුරාධපුර මූලස්ථාන පොලීසිය නොච්චියාගම තිරප්පනය කැකිරාව ගල්කිරියාගම මැදවච්චිය මිහින්තලය ගලෙන්බිදුණුවැව හිදෝගම ගල්නෑව ඇතුළු පොලිස්ථාන 23ක් සිදුකල මෙහෙයුම් වලදී සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට පත්වී තිබුණි.
මෙම මෙහෙයුම් සඳහා යුද ගුවන් නාවික පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිල සුනඛ ඒකකය සහභාගි තිබුණි.
ඊට අමතරව වැටලිම් වලදී ත්‍රස්තවාදින් හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රවාහනය කල වෑන් රථයක් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ජීව පතුරම් ස්වංක්‍රීය රිපීටර් වර්ගයේ තුවක්කු බෝර දොළහේ තුවක්කු ජංගම දුරකථන විදේශිය නිෂ්පාදිත කඩු මෙරටට නිෂ්පාදිත කඩු හා පිහියා කිහිපයක්ද පොලීසිය ප්රමුඛ ආරක්ෂක අංශයන් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊට අමතරව මහමග විසිකර දමාගිය ස්වක්‍රීය ටී-56 වර් ගයේ ගිනිඅවිවලට යොදන පතුරම් හිස් මැගසින් විදේශීය නිෂ්පාදිත අත්අබෝම්බ හා තුවක්කුවක කොටසක් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියත් සමඟ සිදුකල සාර්ථක මෙහෙයුමකදී නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි කෝටීපති ව්‍යාපාරිකයෙකු වන බාබූ ඇතුළු අටදෙනෙකු අධිබලැති පිපිරිම් සඳහා යොදා ගන්නා ඇමෝනීයා නයිට්රේට් කිලෝග්‍රෑම් 500ක් ජෙලග්නයිට් කූරූ 1000 ක් සේවා නූල් තොගයක් හා කඩුවක් නොච්චියාගම පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදි මුස්ලිම් ජාතික කාන්තාවන් තිදෙනෙකුත් අත්අඩංගුවට පත්විය.
ඊට අමතරව තිරප්පනය පොලිස්ථානය සිදුකල මෙහෙයුමකදී ස්වංක්‍රීය රිපීටර් තුවක්කු දෙකක් බෝර දොළහ වර්ගයේ තුවක්කුවක් සමඟ ඊට යොදන ජීව උණ්ඩ හයක් අත්අඩංගුවට ගෙන තිබුණි.
මැදවච්චිය රඹෑව ප්‍රදේශයේදී තවුහිද් ජමාන් සංවිධානයේ නායක සහරා හෂීම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු මැදවච්චිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර දී තිබුණි. කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල වෑන් රථය හා රියදුරා කැකිරාව පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මීට අමතරව ගුවන් යාන ඉංජිනේරුවරයෙකු වශයෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙකු කුලී කම්කරුවෙකු ලෙස වෙස්ගෙන සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලීතසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අතර බාග්රායිල් නාචෝල් නාචෝල් බංගලාදේශයේ සිට පැමිණ ගල්කිරියාගම පොලිස් වසමේ සැගවී සිටි 32 හැවරදි බෝකුල් හුසේන් නැමති බංගලාදේශ ජාතිකයෙකු හා සිංහල ජාතික කාන්තාවක් ගල්කිරියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රටේ පවතින තත්වයත් සමග අනුරාධපුර පොලිස් කොට්ඨාශයෙන් පොලිස් අත්අඩංගුවට ගත් පිරිස් අතරින් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන් ත්‍රස්තවාදි ක්‍රයාවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නොමැති නිසා මුදාහැර තිබේ.
අනුරාධපුර - තිසර සමල්