ගැහුණු දරුවෙක් බිහිකර එම අවස්ථාවේදීම ඝාතනය කළ පුළුස්සා දැමූ කාන්තාවක් කන්තයේ පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වන තිදරු මවකි. ඇයගේ ස්වාමි පුරුෂයා වසර 4 ක් තිස්සේ මැදපෙරදිග සේවය කරන අතර අනියම් සබඳතාවක් හේතුවෙන් දරුවා බිහිකර ඇති ඇති බව මාධ්‍ය ප්රකාශකවරයාවරයා පැවැසීය.
මෙම දරු ප්‍රසූතිය ඊයේ සවස නිවසේදී සිදුකර ඇති අතර පසුව එම බිළිදිය ඝාතනය කර පුළුස්සා තිබේ.
පිළිස්සී ගිය බිළිදු මළ සිරුර එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණක් සිදුකිරීමට නියමිතව තිබේ.