මිහින්තලේ පොලිස් වසමේ අඹතලාගම ප්රදේශයේදී පුද්ගලයකු ඊයේ (13දා) සවස සිය අනියම් බිරිඳ, ඝාතනය කර ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියේ අපරාධ විමර්ශන අංශය (13දා) සවස පරික්ෂණයක් ආරම්භ කළේය.
මිහින්තලය පොලිස්වසමේ අඹතලාගම පිහිටි නිවසක කාමරයක කුලි පදනමට ජීවත්වන පුද්ගයෙකු කාන්තාවක් සමග කලහාකාරි තත්වයක් ඇතිකර ගෙන තිබෙන බවත් එම නිවස තුලින් විලාප හඩක් ඇසුණු බවත් කියමින් අසල් වැසියෙකු පොලිස් ස්ථානයට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් බලද්දි මියගොස් සිටි කාන්තාව හා පිරිමි පුද්ගලයාගේ සිරුරු සොයා ගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ත්රීකුණාමලය පාර, මිහින්තලය ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක හා වැන්දඹු කාන්තාවක්වූ පුංචිබණ්ඩාගේ වසන්තා (49) නැමති කාන්තාවයි.
ඇය ඝාතනය කිරිමෙන් පසුව කාමරයේ බාල්කයක එල්ලි සියදිවි හානි කරගෙන ඇත්තේ ඇල්ලවැව, ගලෙන්බිදුණුවැව ලිපිනයේ පදිංචිව සිටි වෘත්තියෙන් ප්රවාහන සේවාවක් පවත්වා ගෙන ගිය 58 හැවරදි තිදරු පියෙකු වූ ගාල්ලේ කම්කානම්ගේ සිරිසේන නැමත්තායි.
ඝාතනයවු කාන්තාව හා සියදිවි නසාගත් පුද්ගලයා වසර ගණනාවක සිට අනියම් සබධතාවක් පවත්වා ඇති බවත් ඔවුන් දෙදෙනා අතර (13දා) දිනයේ ඇතිවු බහින් බස්වීමක් දුර දිග යාම හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.