ගැටලු විසඳා ගැනීම සඳහා බලධාරීන් සමග අද (19දා) සවස පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
මේ නිසා පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම පවත්වාගෙන යන බවද එම සංගමයේ සමලේකම් පී.එච්.ඩී.එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
මීට අමතරව ස්වේච්ඡාවෙන් මේ වන විට සිදු කරන ගොවිපළවල් රැක බලා ගැනීමේ කටයුතුවලින්ද ඉදිරියේදී ඉවත් වන බවද හෙතෙම පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග අද සාකච්ජා කළ බවද ඔහු සඳහන් කළේය.