අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවනයට මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නැත. කෙසේ වෙතත් පළාත් තුළ ධාවනය කරන බස් සහ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට (28) සිට වැඩි කිරීමට තීරණය කර තිබේ.
හෙට(28) සිට උදෑසන සහ සවස් කාලයේදී ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.