(UPDATE) අධිකරණ නියෝග නොතකමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ගසා විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22ක් හෙට (01දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් අධිකරණයට අපහාස කිරීම, මහජන දේපළ මත රැඳී සිටිමින් මහජනතාවට පීඩාවක් වන අයුරින් හැසිරීම, මෙම වැරදි සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර විශිවවිද්යාල භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුද වෙති.
අධිකරණ නියෝග නොතකමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ගසා විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙ කැඳවුම්කරු ඇතුළු සිසුන් 21ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.