ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී සිටි කාන්තාවන් හතර දෙනෙක් ඊයේ 4 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස අන්තර්ජාලය සහ සති අග පුවත්පත්වල දැන්වීම් පළ කර ප්‍රසිද්ධ කර ඒ කරා පැමිණෙන පුද්ගලයන් ඉතා සූක්ෂම ලෙස කාන්තා ඇසුර සඳහා යොදා ගන්නා මෙම ස්ථානය පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් 73005 වික්‍රමනායක නිලධාරී යට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
පළ කර තිබූ දැන්වීමේ සඳහන් දුරකථන අංකයට කිසියම් පුද්ගලයකු ඇමතුමක් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව එම ආයතනය ආසන්නයටම ගෙන් වා ආරක්ෂිත කැමරා උපයෝගී කරගෙන එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ආයතනය තුළට ගෙන්වාගැනීම මෙම ස්ථානය ඇති විශේෂත්වය බව පොලිසිය කියයි
අනතුරුව සම්භාහන කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයව ඉතා සූක්ෂම ලෙස සමීප ඇසුරක් දක්වා යොමුකරගෙන මුදල් ලබා ගැනීම මෙම ස්ථානයේ සිටින කාන්තාවන්ට එහි හිමිකරු පවරා ඇතැයි පොලිසිය කියයි
ඇතුල්වීමේ ගාස්තු ලෙස අයකරගන්නා රුපියල් 4000 මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයාට බැර ලෙසත් පැමිණෙන ගනුදෙනුකරුවා ගෙන් ලැබෙන මුදල් සේවය ලබා දෙන කාන්තාවන්ට බැර වන ආකාරයෙන් මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව එම කාන්තාවන් ගෙන සිදු කළ සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
බිමල් ශ්‍යාමන් ජයසිංහ