අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරිමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනයකට අනුව සැකකරුවන් දෙදෙනා දෙහිවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා කාන්තාවකගේ වට්ස්ඇප් ගිණුමකට පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇයට ඉතා වටිනා ත්‍යාගයක් ලැබි ඇති අතර එය ලබාගැනිමට සඳහා විශාල මුදලක් තම ගිණුමේ තැන්පත් කරන ලෙසයි