සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිවේගී මාර්ග පද්ධතියෙන් ගත වූ දින 11 තුළ රුපියල් මිලියන 502 (රුපියල් කෝටි 50 කට) අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම් අංශය) ආර් .ඒ . ඩි. කහට පිටිය මහතා පැවසීය.
එකී දිනයන් තුළ එම මාර්ගවල ගමන් ගත් වාහන ප්‍රමාණය 14 ලක්ෂ 50000 කට අධික බව හෙතෙම පැවසීය.
10 වෙනි දින වාහන 154,994 ක් ගමන් කර රුපියල් මිලියන 51.1 ක්
11 වෙනි දින වාහන 163,541 ක් ගමන් කර රුපියල් මිලියන 54. 4 ක්
12 වෙනි දින වාහන 134,195 ක් ගමන්කර රුපියල් මිලියන 32.1 ක්
14 වෙනි දින වාහන 109,637 ක් ගමන් කර රුපියල් මිලියන 39.0 ක්
15 වෙනි දින වාහන 134,941ක් ගමන් කර රුපියල් මිලියන 48.4 ක්
16 වෙනි දින වාහන 132,421 ක් ගමන් කර රුපියල් මිලියන 47.4 ක්
17 වෙනි දින වාහන 135,509 ගමන් කර රුපියල් මිලියන 47.8 ක්
18 වෙනි දින වාහන 134,302 ක් ගමන් කර රුපියල් මිලියන 47.7 ක්
19 වෙනි දින වාහන 132,711 ගමන් කර රුපියල් මිලියන 46.1 ක්
20 වෙනි දින වාහන 128,311 ක් ගමන් කර රුපියල් මිලියන 44.5 ක ආදායමක් වශයෙන් ලැබී ඇත
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය කොළඹ කටුනායක මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගවලින්මෙම ආදායම ලැබී ඇතැයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය