සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් පැහැදිලිවම සඳහන් වන බවත් ඒ අනුව නාගරික සංවර්ධනයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ 2020 - 2024 වසර 5 සඳහා ආයතන සැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය.
නගරවල අවිධිමත් සංවර්ධනය විධිමත් කිරීම, නාගරීකරණයට ප්‍රතිනාගරීකරණය වශයෙන් පොකුරු නගර සංකල්පය ක්‍රියාවට නැංවීම, රජයේ ඉඩම්වලට නිසි වටිනාකමක් ලැබෙන ආකාරයෙන් ඒවායේ සංවර්ධන කටයුතු සිදුකිරීම ඇතුළු පියවර රැසක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා විසින් පෙන්වා දෙන ලදී.
නාගරික සංවර්ධනයේදී වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් තෝරාගෙන ඒවායේ නියම වටිනාකමකට ගැලපෙන ආකාරයෙන් නාගරික සංවර්ධනය සිදු කළ යුතු ආකාරයේ වැදගත්කම ද ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග, ගුවන් මාර්ග සමඟ සම්බන්ධ වන තවත් සංවර්ධන නව ප්‍රවේශ කිහිපයකටම නාගරික සංවර්ධන අධිකාරිය අවතීර්ණ වන බවද ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළේය.
දෙස්, විදෙස් ආයෝජකයින්ට ඉඩම් ලබා ගැනීමේදී එම ඉඩම්වලට නිරවුල්ව කාර්යක්ෂම අයුරින් අනුමැතිය ලබා දෙන වැඩසටහනක් සකස් කළ යුතු බවද මෙහිදි තීරණය කෙරිණ.
නාගරික සංවර්ධනය වඩාත් විධිමත් ආකාරයකින් සිදු කිරීම සඳහා යම් යම් බාධාවන් එල්ල වී තිබෙන පැරණි නීතී රිතී යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.
නාගරික සංවර්ධනය වෙනුවෙන් 2015 ට පෙර ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති පසුගිය කාලයේදී අතරමඟ නතර කිරීමට මුල්වූ හේතු සොයා බලා එම ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණ.