අධිවේගී මාර්ගයන්හි අන්තර්හුවමාරු තුළ ඇති අවකාශයන් සූර්ය බල උත්පාදනය සඳහා සූර්ය පැනල ස්ථාපිත කිරීම සඳහා යොදා ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා පවසයි.
අද (03දා) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා වන කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග එක්වූ අවස්ථාවේදී තමන් මෙම යොජනාව ඉදිරිපත් කළ බවද නාමල් රාජපක්ෂ මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
එසේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා වන කොටසේ ඇති අලිමංඩ හරහා ඇති ගුවන් පාලම් තුළ ඇති කම්බි නල (කණු) සිරස් උද්‍යාන බවට පත්කරමින් ඒවා හරිත පැහැ ගන්වීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගය කොළඹ නගරයේ ඇති ගුවන් පාලම්වලද ක්‍රියාත්මක කිරීමට තමන් අමාත්‍යවරයාට යෝජනා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.