අධිවේගී මාර්ග ආරම්භ කළ පසු අවුරුදු සමයකදී වැඩිම ආදායම මෙවර වාර්තා වී තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.
පසුගිය 05 දා සිට ඊයේ (17දා) දිනය දක්වා රුපියල් මිලියන 345ක ආදායමක් උපයා ගැනීමට අධිවේගි මර්ග සමත්ව ඇති බව එම ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
එය පසුගිය වසරේ ආදායම හා සංසන්දය කළ විට 10%ක වාහන වැඩිවීමක් වෙයි. මෙම කාලසීමාව තුළ වාහන ලක්ෂ 13ක් අධිවේගි මාර්ග භාවිත කර තිබේ.
එක් දිනයක් තුළ වැඩිම ආදායම වන රුපියල් මිලියන 30 පසුගිය 11දා වාර්තා වී ඇත.
ddddddd